Home / JAVA / JAVA - Develop Web Application - සරලව සිංහලෙන් - 01
post_banner_java_web_application_in_sinhala

JAVA - Develop Web Application - සරලව සිංහලෙන් - 01

කට්ටියටම ආයුබොවන්!

මම මේ tutorial එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔයාලට java වලින් web application එකක් develop කරගන්න කියලා දෙන එක.

Web application එකක් develop කරන්න අපිට ඕනේ වෙනවා මෙන්න මේ දේවල් ටික!

1 – java development kit. (JDK)
2 – හොඳ Server application එකක්. (මේකේ තමයි අපේ Web application එක run වෙන්නේ )
3 – හොඳ IDE එකක්. (ඒ කියන්නේ simply, අපි coding කරන text editor එක)

මේ ඔක්කෝම ගැන ඔයාලට එක දවසෙන් ඉගෙන ගන්න බෑ!

මම අද ඔයාලට කියලා දෙන්නේ java download කරලා හරියට install කරලා, config කරගන්න හැටි.

හරි! ඔන්න වැඩේට බැස්සා!

1 – මුලින්ම මෙන්න මේ web site එකට ගිහිල්ලා ජවා download කරගන්න ඕනේ!

https://java.com/en/download/manual.jsp

Online/Offline දෙවිදියටම download කරන්න පුලුවන්. අදාල OS version එකට අනූව හරි download එක තෝරගන්න එක ඔයාලට බාරයි!

download උනාද? then, file එක run කරන්න! install කරන එක හරිම simple.

මෙහෙම එකක් තමයි මුලින්ම එන්නෙ

View post on imgur.com

ඔයාලට කැමතිනම් install වෙන path එක වෙනස් කරන්න පුළුවන් ඔන්න ඔය “Change destination folder” කියන check-box එක උඩ tick එකක් දැම්මාම. ඒත් මම ඒක recommend කරන්නේ නෑ.

හරි! දැන් “install > ” button එක උඩ click කලාම මෙන්න මේ වගේ screen එකක් එනවා. දැන් මෙයා අපේ machine එකේ (workstation එකේ ) install වෙනවා.

View post on imgur.com

ඕක ඔහොම වෙලා වෙලා ඊට පස්සේ මෙන්න මේ වගේ notification screen එකක් එනවා!

View post on imgur.com

Okay! අපි අපේ workstation එකට java install කරන් ඉවරායි!

2 – දැං තමයි වැදගත්ම කොටස! Environment variables and PATH හදන එක.

Environment variables and PATH හදන එකේ වැදගත්කම මම මෙතන කියලා දෙන්නේ නෑ. මෙන්න මේ link එකේ තියෙනවා ඒ විස්තර ඔක්කෝම.

http://superuser.com/questions/28434…et-or-use-them

මෙන්න මෙහෙමයි Environment variables and PATH හදන්නේ.

මුලින්ම “This PC” (එහෙම නැත්තන් පරණ version වල “My Computer”) right click කරලා “Properties” select කරන්න.

View post on imgur.com

ඊට පස්සේ එන screen එකේ “Advanced system settings” select කරන්න.

View post on imgur.com

දැං පහල තියෙනවා වගේ Option screen එකක් එයි.

View post on imgur.com

ඒකේ උඩම තියෙන “Advanced” tab එක select කරලා, ඊට පස්සේ “Environment Variables..” කියන button එක click කරන්න

View post on imgur.com

දැං ඕකේ “System variables” section එකේ තියෙන “New..” button එකත් click කරන්න

හරි! දැං පහල තියෙනවා වගේ පුංචි prompt box එකක් එයි.

View post on imgur.com

ඒකේ කියන “Variable name” එකට හරියටම මම type කරලා තියෙනවා වගේ JAVA_HOME කියලා type කරන්න

දැං ඔයාල java install කරපු folder එකට යන්න ඕනේ. මගේනම් මෙන්න මේ folder එක. ඒකේ folders දෙකක් තියෙනවා පේනවා ඇති.

මගේ folders දෙක version දෙකක් උනාට ගනන් ගන්න එපා. ඔයාලාගේ එහෙම වෙන්නේ නෑ.

View post on imgur.com

දැං ඒ දෙකෙන් JDK folder එක open කරන්න.

View post on imgur.com

හරි!

View post on imgur.com

දැං ඔය උඩ තියෙන folder path එක copy කරගන්න! ඊට පස්සේ ආයෙත් අපේ prompt box එකේ Variable value කියන තැන paste කරන්න! මෙන්න මේ වගේ

View post on imgur.com

දැං ඕක OK කරගන්න! හරි ඔන්න Add උනා!

View post on imgur.com

තව වැඩක් තියෙනවා

ඔය System variables වල ටිකක් පහළට scroll කරගෙන ගියාම හම්බෙනවා “Path” කියලා කලින් හදලා තියෙන Variable එකක්. ඒක OS එකෙන් automatically හදන්නේ.

View post on imgur.com

අපි දැං ඒක edit කරන්නයි යන්නේ. ඒක select කරලා “Edit…” button එක click කරන්න. ඔය තියෙන්නේ!

View post on imgur.com

Variable value එකේ තියෙන content ගැන වැඩිය හිතන්න එපා!
හරි! දැං අයෙත් අපේ JDK folder එකට යන්න ඕනේ.

View post on imgur.com

ඒකේ උඩින්ම තියෙන bin folder එක open කරගෙන ඒකේ path එක copy කරගන්න ඕනේ.

View post on imgur.com

දැං ඒ copy කරගත්ත folder path එක අපි insert කරන්න යන්නේ “Path” variable එකේ value එකට.

** මතක තියා ගන්න! “Path” variable එකේ තියෙන කිසිම value එකක් delete කරන්න එපා!

Variable value එකේ අන්තීමටම ගිහිල්ලා semicolon ( ; ) එකක් ගහලා අර copy කරගත්ත folder path එක paste කරගන්න.

View post on imgur.com

පේනවනේ? දැං ඕකත් OK කරගන්න.

View post on imgur.com

දැං ඕකත් OK කරගන්න.

OK කරන්න තියෙන අන්තීම එක

View post on imgur.com

හරි! දැං අපි java install කළා, config කළා! දැං මේක වැඩද බලමු!

දැං CMD (Command prompt ) එකක් open කරගෙන මේ command එක type කරල enter කරලා බලන්න!

java -version

වැඩේ ගොඩනම් මෙන්න මෙහෙම result set එකක් එන්න ඕනේ.

View post on imgur.com

අපි next lesson එකෙන් කරන්න යන්නේ අපේ Application server එක (localhost එක) set-up කරගන්න එක.

so..,

ඊලඟ lesson එකෙන් හම්බෙමු!
කට්ටියටම ජය වේවා!!

About Hasun Rathnayake

Hasun Rathnayake
A java engineer from Colombo, Sri Lanka who loves coding. Join with the c2k community to share your knowledge. Like and share...

2 comments

  1. සිහින අනුහස්

    පොස්ට් නැද්ද තව ලොක්කා?

  2. Much interesting and helpfull.. Keep comtinue.

Leave a Reply