Home / JAVA / JAVA - Develop Web Application - සරලව සිංහලෙන් - 02
post_banner_java_web_application_ep_02_in_sinhala

JAVA - Develop Web Application - සරලව සිංහලෙන් - 02

ඔන්න එහෙනම් java web development දෙවෙනි කොටසින් අපි අයෙත් හම්බෙනවා.
පළවෙනි කොටසින් තිබුනේ java download කරලා, install කරලා, environment variable and PATH හදලා configure කරගන්න හැටි.

දැක්කේ නැති අය මේක බලන්න කලින් ඒක go through කරලා ඒකේ තියෙන ටික කරලා එන එක ඇඟට ගුණයි!
JAVA – Develop Web Application – සරලව සිංහලෙන් – 01

හරි! අපි දැං කරන්න යන්නේ අපේ Application server එක (localhost එක) set-up කරගන්න එක.

localhost එකෙන් වෙන දේ ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ?

ඔය link එකට ගිහිල්ලාම බලන්න! Application Server එක (localhost එක) ගැන පොඩි introduction එකකුත් තියෙනවා.

Top 10 Open Source Java and JavaEE Application Servers

Application Servers අපිට ඕනේ තරම් හොයාගන්න පුළුවන්.
මේ තියෙන්නේ එහෙම හොයා ගන්න පුළුවන් ඒවා ටිකක්. මීට වඩා තව තියෙනවා!

1 – Glassfish
2 – JBoss Enterprise Application Platform
3 – Apache Tomcat
4 – Apache Geronimo
5 – Jetty

මම අපේ Web application එක host කරන්න තෝරගන්නේ Apache Tomcat.

1 – මුලින්ම අපි Tomcatව download කරගන්න ඕනේ. මම තෝරගත්තේ version 7.0.63. ඒක අනිත් version වලට වඩා stable.

ඔන්න තියෙනවා link එක

https://tomcat.apache.org/download-70.cgi

download කරලා Install කරන වැඩේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්.

1 – Windows Service Installer method එක. – මෙතනින් එන්නේ tomcat exe එකක්
2 – Files ටික download කරගෙන extract කරගන්න method එක.

පළවෙනි method එක වැදගත් වෙන්නේ අපි හදන Web application එක කොහෙහරි deploy (install) කරන්න යනකොට. so, අපි කරන්න යන්නේ දෙවෙනි ක්‍රමේට!

Download link එකට ගියාම ඔය page එක display වෙයි!

View post on imgur.com

**දෙවෙනි method එකට ඕනේ කරන download file එක මම red square එකෙන් frame කරලා තියෙන්නේ.
හරි OS version එකට අදාල file එක download කරගන්න.

2 – Extract

මේ තියෙන්නේ folder structure එක!

View post on imgur.com

කැමති තැනකට ඕක extract කරන්න ඔයාලට නිදහස තියෙනවා. කෝකටත් D:/ drive එකට වගේ extract කරගත්තොත් ඇඟට ගුණයි.

**මොකද, සමහර activities තියෙන්න පුළුවන් අපිට programmatically කරන්න සිද්ධවෙන.
උදාහරණයක් විදියට files read, write කරන්න. OS එක තියෙන drive එකෙම ඔය වගේ වැඩ කරන්න ගොඩක් දුරට allow කරන්නේ නෑ OS එකෙන්. (but it depends)

එතකොට C:/ වගේ drive එකක Tomcat දාලා, Tomcatට admin permission නැති උනොත් ටිකක් නාන්න වෙනවා!

3 – Variable environment and PATH හදමු .

මේක ඉතින් දැන් simple scene එකක්නේ ?
කලින් මම කියල දුන්නා මතකයිනේ Variable environment and PATH හදන තැනට ගිහිල්ලා වැඩේ කරගන්න හැටි?
ඉතිං මම දැන් කියලා දෙන්නේ, හදන්න ඕනේ PATH variable එකයි, ඒකට assign කරන්න ඕනේ variable value එකයි විතරයි .

කලින් වගේම System variable section එකේ “New..” button එක click කරලා,
Variable name එකට TOMCAT_HOME කියලා දෙන්න
Variable value එකට Tomcat extract කරපු path එක දෙන්න.

View post on imgur.com

ඔව් ඔව්! ඒ උඩ තියෙන path එක තමයි

View post on imgur.com

දැන් OK කරන්න තියෙන ඔක්කෝම OK කරලා, config set-up එක ඉවරයක් කරමු

හරි! එච්චරයි!

4 – Run කරලා බලන්න!

අපේ Application server එක run වෙන්න port එකක් ඕනේ වෙනවා. සාමාන්‍යයෙන් Application server එකක් use කරන්නේ port number 8080. ඒක අපිට ඕනේම වෙලාවක වෙනස් කරන්න පුළුවන්.

** හැබැයි මතක තියා ගන්න ඕනේ, වෙන application එකකින් දැනටමත් use වෙන port number එකක් දුන්නොත් ඉතිං මේ වැඩේ කරන්න බෑ. ඕනේම workstation එකක port 8080 pre-reserved.

හරි! මෙහෙමයි tomcatව up කරන්නේ.

Tomcat extract කරපු path එකේ ඔයාලාට පේනවා ඇති bin කියල folder එකක්.

View post on imgur.com

ඒක open කරගන්න.

View post on imgur.com

ඔය පේන startup.bat කියන file එක run කරන්න.

ටිකක් වෙලා යන්න පුළුවන් වැඩේට. ඒත් අන්තීමට අපි පුල පුලා බලා සිටි මේන්න මේ output එක එන්න ඕනේ.

View post on imgur.com

අපි මේ විදියට Tomcat up කරන්නේ, මේ විදියට test කරගන්නම විතරයි.
දැනට මේ ටික දැනගෙන හිටියාම හොඳටම ඇති!
(This is the first and last time we start tomcat via startup.bat! okay? )

** මතක තියාගන්න මේ CMD (Command prompt) එක close කරපු ගමන් Tomcat අයෙත් down වෙනවා.

5 – Test in the browser

දැං අපි බලන්න ඕනේ මේක web browser එකේ වැඩ කරනවාද කියලා.
දැං browser එකේ URL bar එකේ මෙහෙම type කරන්න localhost:8080 (localhost:8080 වෙනුවට 127.0.0.1:8080 ගැහුවත් හරි)

View post on imgur.com

ඕං අවා! දැන් හරි!

Tomcat up and running!

එහෙනම්, ඊළඟට අපිට තියෙන්නේ හොඳ IDE එකක් හොයා ගන්න එක. ඊළඟ lesson එකෙන් ආයෙත් set වෙමු!
මේවා තනියම කරලා අව්ල් තැන් තියෙනවානම් clear කරගෙන ඉස්සරහට යමූ!

එහෙනම් හැමෝටම ජය!

About Hasun Rathnayake

Hasun Rathnayake
A java engineer from Colombo, Sri Lanka who loves coding. Join with the c2k community to share your knowledge. Like and share...

Leave a Reply