Home / JAVA / JAVA - Develop Web Application - සරලව සිංහලෙන් - 03
post_banner_java_web_application_ep_03_in_sinhala

JAVA - Develop Web Application - සරලව සිංහලෙන් - 03

හරි! ඔන්න අපි දැන් තවත් වැදගත් configuration එකක් කරගන්න යන්නේ!

මම lesson 2 එකෙන් කිව්වා වගේ අපි අද කරන්න යන්නේ developing IDE එක configure කරගන්න එක.
IDEs ඕනේ තරම් තියෙනවා, නමුත් අපිට ඉස්සරහට අපි use කරන්න හිතන් ඉන්න frameworks එක්ක compatible වෙන IDE එකක් use කරන එක ඇඟට ගුණයි.

මම use කරන්නේ සහ recommend කරන්නේ STS (Spring Tool Suit) එක.

STS download කරගන්න මෙන්න link එක .
https://spring.io/tools/sts/all

ඔන්න අපි මුලින්ම STS install කරගන්නවා.

View post on imgur.com

හරිම basic steps ටිකක් මුලින්ම තියෙන්නේ.

View post on imgur.com

Accept කරලා next click කරන්න.

View post on imgur.com

Installation path set කරලා next click කරන්න.

View post on imgur.com

ඔය තියෙන දේවල් ඔහොම්මම තියෙන්න ඇරලා next click කරන්න.

View post on imgur.com

හරි! ඔන්න දැන් තමයි important point එකකට අවේ!
** දැන් ඔතන JDK path එකට set කරන්න ඕනේ java home path එක.

හරි! ඔන්න දැන් මෙයා install වෙනවා.

View post on imgur.com

View post on imgur.com

අහ්! ඔන්න දැන් හරි! next click කරන්න!

View post on imgur.com

click next.

View post on imgur.com

දැන් Finish click කරන්න!

View post on imgur.com

splash screen එක ආවා! තව ටිකකින් මෙයා load වෙනවා!

View post on imgur.com

මොකද්ද මේ?

හරි!
මම පැහැදිලි කරන්නම්!
මේ ඉල්ලන්නේ ඔයාලා කරන projects save කරන්න ඕනේ location එක!
සිංහලෙන්ම කිව්වොතින් workspace එක!
මේකට ඔයාලා කැමති තැනක් දෙන්න පුළුවන්.
** කෝකටත් workspace-sts-3.5.1.RELEASE කියන කෑල්ල ඉතුරු කරලම දෙන්න!

දැන් OK click කරන්න (අර tick එකත් දාන්න! නැත්තන් මෙයා up වෙන හැමවෙලේම මේක ගැන අහනවා)

View post on imgur.com

ඔන්න ආයෙත් Splash screen එක ඇවිල්ලා load වෙන්න ගන්නවා!
මේ පාරනම් ටිකක් විතර වෙලා යයි.
මොකද ඔක්කෝම configuration load කරගෙන තමයි STS up වෙන්නේ!

View post on imgur.com

හරි ඔන්න ආවා!

ඔය රතු පාටින් පෙන්නලා තියෙන්නේ default package (Server configuration) එක! ඒක ගැන වැඩිය හිතන්න එපා!

ඔන්න දැන් පොඩි වැඩක් කරන්න තියෙනවා!

අපි කලින් configure කරගත්ත tomcat ව මේ STS IDE එකට introduce කරලා දෙන්න ඕනේ!
නැත්තන් මේ දෙන්නට එකට වැඩ කරන්න බෑ! කොටින්ම අපිට web project හදන්න බෑ!

චූටි වැඩ වගයක් තියෙනවා.

1 – අපි මුලින්ම අළුත්ම අළුත් server instance එකක් හදන්න ඕනේ! (Inside STS)

View post on imgur.com

(ඔය VMware vFabric tc…bla bla bla කියන එක ගනන් ගන්න එපෝ! ඒක ගැන පස්සේ කියලා දෙන්නම් )

හරි! ඔය වම් පැත්තේ පහලම කෙළවරේ පේනවාද Servers කියලා tab එකක්? අන්න ඒකේ මැද හරියේ right click කරන්න!
හරි! දැන්, new —> Server

View post on imgur.com

ඔයාලට පේනවද දැකලා පුරුදු application server එකක නමක්?
ඔව් ඔව්? Apache තමයි! අන්න ඒක click කරලා expand කරගන්න.

View post on imgur.com

good!!!
දැන් අපේ tomcatට අදාල version එක select කරලා next කරගන්න.

View post on imgur.com

ඔය tomcat installation directory කියන තැනට tomcat home path එක දෙන්න.
JRE කියන තැනට එතනම තියෙන drop down එක click කරලා ඔයාලගේ jdk version එක දීලා finish කරන්න. (Simple)

View post on imgur.com

ඒ වැඩෙත් හරි! ඔන්න අපේ අළුත්ම අළුත් server එක add වෙලා!
ඔය server එකට උඩින් තියෙන්නේ server එක start කරන button එක.
ඔයාලාට පේනවා ඇති server panel එකට දකුණු පැත්තෙන් තියෙනවා, console කියලා තව panel එකක්. ඒක ගොඩාක් useful අපිට outputs බලා ගන්න!
** useful outputs මොනවද කියලා ඊළඟ step එකේදි ඔයාලාට බලාගන්න පුළුවන්.

2 – දැන් server එක start කරලාම බලමු!

ඔව් ඔව්! අර කොළ පාට button එක click කරලා තමයි!

View post on imgur.com

පේනවානේ? server එකේ status එක change වෙලා [Started,Synchronized] කියලා.
දැං console එක බලපුවාම පේනවා ඇති INFO : Server startup in XXXXX ms කියලා!
හරි! Sever එක start උනා කියන එක දැන් අපිට confirm.

දැන් හරිනම් අපිට එදා වගේ (lesson 2) browser එකේ host url එක type කරලා tomcatව access කරන්න පුළුවන් වෙන්න ඕනේ.

හොඳායි! අපි ඒකත් කරලා බලමු!

View post on imgur.com

මොන එකක්ද මේ?? tomcat not found කියන්නේ!

හරි හරි බයවෙන්න එපා! තව චූටි වැඩක් කරන්න ඕනේ!

3 – Server settings ටිකක් වෙනස් කරමු!

View post on imgur.com

ඔක්කෝටම කලින් start උන server එක අපි stop කරන් ඉන්න ඕනේ!
උඩම තියෙන රතු පාට button එක click කලාම server එක stop වෙනවා.
** Console එකේ server එක stop උනා කියන message එක එනකන් ඉන්න.
server එකේ status එක [Stopped,Republish] උනාට පස්සේ server එක උඩ double click කරන්න.

View post on imgur.com

දැං ඔයාලට පේනවා ඇති වෙලා තියෙන දේ!
ඔය දකුණු පැත්තේ server location panel එකේ options 3ක් තියෙනවා පේනවද?
by-default select වෙලා තියෙන්නේ ඔය උඩම තියෙන option එක.
ඒක change නොකරන තාක් කල් අපිට tomcatගෙන් වැඩක් ගන්න බෑ!

(ගන්න පුළුවන් ක්‍රම තියෙනවා but, ඒවා later discuss කරමු)

හරි දැන් ඒකේ 2 වෙනි option එක අපි select කරනවා.

View post on imgur.com

පේනවද ඔයාලට ඒක select කරනවත් එක්කම server path කියන text box එකේ value එකත් change උනා?
** දැන් තමයි STS හරියටම tomcatව දැන අඳුන ගත්තේ.

දැන් normal file එකක් save කරන විදියට ඔය කරපු changes save කරගමු. (ctrl + s )

4 – දැන් ආයෙත් server එක start කරලා බලමු!

View post on imgur.com

ඔන්න ආයෙත් console එකේ නම් පෙන්නුවා tomcat up උනා කියලා! කෝකටත් ආයෙමත් browser එකෙත් type කරලම බලමු!

View post on imgur.com

ඔන්න ! හරිනේ දැං?

5 – Additional configurations

View post on imgur.com

ඔය මම highlight කරලා තියෙන තැන් දෙකේම time එක ටිකක් වැඩි කරගත්තොත් හොඳයි.

** time එක දෙන්න ඕනේ තත්පර වලින්. විනාඩි 2 ගානේ වගේ දාන්න!
** changes save කරගමු. (ctrl + s)
** මම කලින් කිව්වානේ? අපි අයෙත් tomcatව startup.bat එක use කරලා up කරන්නේ නෑ කියලා? මීට පස්සේ අපි tomcatව up කරන්නේ මේ STS ව use කරලා!
ඔන්න final configuration එකත් කරගෙන ඉවරායි!

අපි next lesson එකේ ඉඳලා developments පටන් ගන්නවා!
ඒ ටික මම ready කරනකන් ඔයාල මේවා ටික හරියට config කරන් තියාගන්න.

එහෙනම් හැමෝටම ජය! Next lesson එකෙන් හම්බෙමු!

About Hasun Rathnayake

Hasun Rathnayake
A java engineer from Colombo, Sri Lanka who loves coding. Join with the c2k community to share your knowledge. Like and share...

Leave a Reply