Home / WordPress / WordPress - What is WordPress - සරලව සිංහලෙන් - 01
post_banner_wp_what_is_wp_in_sinhala

WordPress - What is WordPress - සරලව සිංහලෙන් - 01

කොහොමද හැමෝටම?

මොනාද මේ WordPress? කොහොමද ලේසියෙන් Website එකක් හදන්නෙ? මටත් බැරිද මගේම කියලා Website එකක් හදාගන්න?

මේ වගේ ප්‍රඟ්ණ වලට උත්තරත් ලැබෙයි ඔයාලා දිගටම මාත් එක්ක හිටියොත්.

අපි කවුරුත් කැමතී තමන්‌ගෙම කියල Website එකක් තියාගන්න. හුඟක් අය හිතනවා තමන්ට Development බැරිනිසා Website එකක් කරන්න බැහැ කියල.

බොහොම සරල Information Website එකක් හදාගන්න හරිම ලේසි.

WordPress කියන්නේ මොනාද?

WordPress කියන්නේ CMS (Content Management System) එකක්. ඒ කියන්නේ හරිම ලේසියෙන් තමන්ට පුළුවන් තමන්ගේ Content පිළිවෙලකට සකස් කරගෙන, ඒවා Category වලට වෙන් කරලා, කියවන අයට පහසු වෙන විදිහට Manage කරගන්න. තව Pages වගේම Posts එහෙමත් වෙන වෙනම තියෙනවා.

WordPress වලින් Blog වගේම E-Commerce වගේ Website උනත් හදාගන්න හරිම ලේසි. අනික හොඳම දේ තමයි WordPress 100% ක්ම FREE. ජිවිත කාලෙටම FREE. ඔයාලගේ වැඩ ලේසි කරගන්න FREE Templates වගේම Plugins සහ Widgets එහෙමත් තියෙනවා. අපි පසුව කතා කරමු ඒ දේවල් ගැන.

ඔයාලගේ හිතේ අදහසක් තියෙනවනම් Website එකක් හදාගන්න, WordPress එක්ක. ඔයාලට තියෙන්න ඕනේ Web Hosting එකක් Database Access එක්ක. ඉතාමත් අඩු මුදලකට ඒ සේවාවක් ලබාගන්න පුළුවන්.

වැඩි විස්තර දැන ගන්න පහල ලින්ක් වලට යන්න. තව විස්තර දැනගන්න ඕනෙනම් පහල comment එකක් දාන්න.

https://wordpress.org/about/

https://ithemes.com/tutorials/what-is-wordpress/

අපි ඉස්සරහට බලමු කොහොමද WordPress Website එකක් හදාගන්නේ කියල.

About Yeshan Sachitha K Perera

Yeshan Sachitha K Perera
Yeshan(YESH) is a PHP developer and front-end designer. Born in 1993 from Sri Lanka. Currently lives in Dubai, UAE. The founder of Codes2Know (aka) C2K. Also a Gamer. Join with the c2k community to share your knowledge. Like and share...

Leave a Reply